ගිණි අවියක් සමඟ තුර්කියට යෑමට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිණි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු ,තොටුපොළ පොලිසිය මගින් අද 07 දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මොහු 59 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර (07) දින අලුයම 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ .

මොහු අද (07) දින උදෑසන 08.15 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත යාමට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 731 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා පැමිණ තිබුණි.

ගිනි අවි හෝ ඊට සමාන හැඩහුරුකම් ඇති දෑ හෝ ගිනි අවි වල අනුරූ ගුවන් මගින් ගෙන යාම සපුරා තහනම් වන අතර , එසේ විශේෂ අවශ්‍යතා සදහා රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතු වනවා.

මෙසේ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .

මෙම ගිනි අවිය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ පුද්ගලයා , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05