තෙලිප්පලෙයි ප්‍රදේශය භීතියට පත්කළ කඩු කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

යාපනය,තෙලිප්පලෙයි ප්‍රදේශයේදී කඩු රැගෙන පැමිණ යතුරුපැදියෙන් ගමන්ගත් පුද්ගලයෙකුට පසුගිය 04 වැනිදා පහරදීම හා අසළ වෙළඳ සැළකට හානි සිදුකළ කල්ලියේ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

යාපනය පොලිසිය පැවසූවේ, යාපනය දිසා අපරාධ විමර්ශන ඒකකය සිදුකළ මෙහෙයුමකදී කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයේ පදිංචි තරුණයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් පහරදීමට පැමිණි වෑන් රථය හා පහරදීමට ගෙනා කඩු දෙකක්ද සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මුලතිව් වල්ලිපුනම් ප්‍රදේශයේ හා අනෙක් පුද්ගලයා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර, දෙදෙනෙකු වයස අවුරුදු 28 ක් වයස වන බවත්, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 19 ක් වන බවද පොලිසිය සඳහන් කරයි.

මීට මාස හයකට පමණ පෙර සිදුවු පහරදීමකට පළි ගැනීමක් වශයෙන් සැකකරුවන් තෙලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අදාළ පුද්ගලයාට පහරදී කැපුම් තුවාල සිදුකොට ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය කරගෙන තිබේ.

සැකකරුවන් පිරිස පළා යන අවස්ථාවේ සැකකරුවන් පැමිණි වෑන් රථයට තෙලිප්පලෙයි පොලිස් නිළධාරීන් සිදුකළ වෙඩි තැබිම හමුවේ වෑන් රථයේ ටයරයක් පුපුරාගොස් ඇති අතර, සැකකරුවන් අදාළ ටයර් රථය මාරුකොට ඇති බවත්, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂා කිරීම් හමුවේ සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලිසිය පැවසිය.

සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිසා අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?