වළක් හාරද්දී අස්ථි කොටස් මතුවේ

විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද සවස මිනිස් අස්ථි තොගයක් හමු වී තිබේ.

ඒ මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට දියි. පසුව ගාල්ල හා මාතර පුරා විද්‍යා ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කළා.

අඩි 4 ක් පමණ ගැඹුරු වලක එම අස්ථි කොටස් තිබු අතර ඉපැරණි ඇණ 04 ක් ද ඒවා සමඟ ගොඩ ගනු ලැබු අතර එම මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ සිදු කළ යුතු බව පුරා විද්‍යා නිලධාරියෙකු පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?