වැලිගම අකුරස්ස ප්‍රධාන මාර්ගයේ වැලිගම කඩේ වත්ත ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙකට ගැටීමෙන් ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ අයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ
එහි රියදුරු තුවාල ලබා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කොට ඇති බව වැලිගම පොලිසිය පවසයි.
අකුරැස්ස සිට වැලිගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වැලිගම දෙස සිට දෙනිපිටිය දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් (6 ) දින පස්වරුවේදි එකිනෙක ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රී රෝද රථයේ තරුණයන් දෙදෙනෙකු පමණක් ගමන් කොට ඇති අතර එහිදී ත්‍රී රථයේ පිටුපස ගමන් කල වයස 21 වන ඉලියාස් හුසේයින් මොහෝමඩි ඉර්සාන් හුසෙයින් නැමැති අයෙකු බරපතල තුවාල ලබා එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබේ .
ත්‍රිරෝද රථයේ රියැදුරු තුවාල ලබා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇති අතර එම තරුණයන් දෙදෙනාම වැලිගම ගල් බොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
මෙම තරුණයන් දෙදෙනා ත්‍රීරෝද රථයක් අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා කිසියම් අවශ්‍යතාවයක් සඳහා වැලිගම සිට දෙනිපිටිය දෙසට ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිට ඇති අතර බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ තරුණයා ලබන (8 ) දින විදේශ ගත වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි අයෙකු බව තොරතුරු අනාවරණය විය.
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වන තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි වයස 39 අයෙකු වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .














