AFC Banner
Empty Ad
Empty Ad

පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක්

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නැයි හිටපු ජනාධිපති මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

හිටපු ජනාධිපති මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් පසු 99%ක් ගෙවල් වල අම්මලා මෙන්ම දරුවන් ද අඬන්න පටන් ගත් බවයි. තවද පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවන්ට ලියන්න නොහැකි තත්ත්වයේ ප්‍රශ්න පත්‍ර ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

ලෝකයේ දියුණු රටවල තිබුණු ආකාරයට පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු බවද තමා ජනාධිපති සමයේදීත් ඊට උත්සාහ කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?