ලංගම බසයට ඇණ තබයි මගී ජනතාව දැඩි අපහසුතාවයට

බලන්ගොඩ සිට පින්නවල හරහා තෝරවෙලකන්ද දක්වා ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථයේ ටයර් වලට කිසිම පුද්ගයෙකු හෝ කණ්ඩායමක් විසින් ඇණ තැබිම හේතුවෙන් එහි හුළං බැස අද (04) බස් රථය තොරවෙලක්ද ප්‍රදේශයේ දිි අතරමග නතර වීම හේතුවෙන් පාසල් ගුරුවරුන් ,දරුවන් හා මගී ජනතාව දැඩි අපහසුතාවයට පත් විය

මේ හේතුවෙන් එම බස් රථයේ ධාවනය අතරමග නතර වි තිබුණ බව මගී ජනතාව පැවැසුහ.

මේ සම්බන්දයෙන් බලන්ගොඩ ඩිපෝවේ කළමනාකරු ධර්ම ශ්‍රී හරිචන්ද්‍ර මහතා⁣ගෙන් කල විමසිමකදි ඒ මහතා මෙසේ පැවැසිිය

බලන්ගොඩ තෝරවෙලකන්ද මාර්ගය ඉතාමත් දුෂ්කර කදු බැවුම් සහිත අවදානම් මාර්ගයක්. කිසියම් පුද්ගයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව හිතා මතා මෙම ශ්‍රී ලංගම බස් රථයට ඇණ තැබිම සිදුකර තිබෙන බවට සැකයක් තිබෙනවා. මේ සම්බන්දයෙන් පින්නවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකලා. මිට පෙරත් අවස්ථා කිහිපයකදිම මෙම බස් රථයේ ටයර් වල⁣ට තෝරවෙලකන්ද ප්‍රදේශයේදිි ඇණ තබා තිබුණා. කවුරුන් හෝ සිදු කරන මෙම ක්‍රියාව හේතුවෙන් පාසල් ගුරුවරුන් ,දරුවන් ඇතුළු මගී ජනතාව පිඩාවට පත් වෙන එක සම්බන්ධයෙන් කණගාටු වෙනවා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
4
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?