වීදි ආහාර අලෙවි කළ ස්ථාන 14කට නඩු

කොට්ටාව සහ තලවතුගොඩ අවට වීදි ආහාර අලෙවි කරන ස්ථාන 14කට එරෙහිව නඩු පවරා තවත් ස්ථාන 6කට අවවාද කර නිවේදන ලබාදී තිබෙනවා.

මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසිනුයි ඊයේ (02) රාත්‍රී අදාළ වීදි ආහාර අලෙවි කරන ස්ථානවල හදිසි වැටලීමක් සිදුකර ඇත්තේ.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ආහාර අලෙවි කළ ස්ථාන 14ක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර තවත් ස්ථාන 6කට නිවේදන නිකුත් කර තිබෙනවා.

කිඹුලාවල සහ තලවතුගොඩ ස්ට්‍රීට් ෆුඩ් (Street Food) ඇතුලු ආපන ශාලා 55ක් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණු බව සඳහන්.

පිටිවලින් සකස් කෙරණු ආහාර වර්ග, මස් මාලු කෑම ඇතුළු වෙනත් කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කර අලෙවි කිරීම නිසා එම ආහාරවලට දූවිලි සහ වාහනවලින් පිටවන දුමාරය සෘජුවම වැදීම තුළින් දූෂණයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඊට අමතරව පිසූ ආහාර අමු ආහාර සමඟ එකට තැබීම, මලකඩ ඇති උපකරණවල මස් බැදීම සහ මස් බැදීම සඳහා දින ගණනක් පැරණි අධික ලෙස කළු වූ තෙල් භාවිතා කර ඇති බව ද සඳහන්.

කොත්තු, රයිස්, නූඩ්ලස් වැනි ආහාර පරිසරයට නිරාවරණය වෙමින් ප්‍රදර්ශනය කර තැබෙන අතර ඒවාට ද දැඩි ලෙස දූවිලි වැදී තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගනු ලැබුවා.

ඊට අමතරව ආහාර සකස් කරන මෙන්ම අලෙවි කරන සේවකයන් අත් ආවරණ, මුව ආවරණ, හිස්වැසුම් හා ඒප්‍රන් පැළඳ නොසිටීම, වෙළඳසැල්වලින් බැහැර කෙරෙන අප ජලය පොදු කාණුවට බැහැර කිරීම, කසල බඳුන් විවෘතව තැබීම ද වීදි ආහාර අලෙවිකරුවන්ට එල්ලවූ චෝදනා වනවා.

කොට්ටාව ප්‍රදේශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 12ක් සහ කෘමීන් සිටි රසකාරක යුෂ බෝතල් විනාශ කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව අදාළ වැරදි සම්බන්ධයෙන් වීදි ආපන ශාලා 14කට කඩුවෙල අධිකරණයේ නඩු පවරා ස්ථාන හයකුට නිවේදන නිකුත් කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?