වීදි ආහාර අලෙවි කළ ස්ථාන 14කට නඩු

කොට්ටාව සහ තලවතුගොඩ අවට වීදි ආහාර අලෙවි කරන ස්ථාන 14කට එරෙහිව නඩු පවරා තවත් ස්ථාන 6කට අවවාද කර නිවේදන ලබාදී තිබෙනවා.

මහරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසිනුයි ඊයේ (02) රාත්‍රී අදාළ වීදි ආහාර අලෙවි කරන ස්ථානවල හදිසි වැටලීමක් සිදුකර ඇත්තේ.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ආහාර අලෙවි කළ ස්ථාන 14ක් සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර තවත් ස්ථාන 6කට නිවේදන නිකුත් කර තිබෙනවා.

කිඹුලාවල සහ තලවතුගොඩ ස්ට්‍රීට් ෆුඩ් (Street Food) ඇතුලු ආපන ශාලා 55ක් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණු බව සඳහන්.

පිටිවලින් සකස් කෙරණු ආහාර වර්ග, මස් මාලු කෑම ඇතුළු වෙනත් කෑම වර්ග විවෘතව මේස මත ප්‍රදර්ශනය කර අලෙවි කිරීම නිසා එම ආහාරවලට දූවිලි සහ වාහනවලින් පිටවන දුමාරය සෘජුවම වැදීම තුළින් දූෂණයට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඊට අමතරව පිසූ ආහාර අමු ආහාර සමඟ එකට තැබීම, මලකඩ ඇති උපකරණවල මස් බැදීම සහ මස් බැදීම සඳහා දින ගණනක් පැරණි අධික ලෙස කළු වූ තෙල් භාවිතා කර ඇති බව ද සඳහන්.

කොත්තු, රයිස්, නූඩ්ලස් වැනි ආහාර පරිසරයට නිරාවරණය වෙමින් ප්‍රදර්ශනය කර තැබෙන අතර ඒවාට ද දැඩි ලෙස දූවිලි වැදී තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගනු ලැබුවා.

ඊට අමතරව ආහාර සකස් කරන මෙන්ම අලෙවි කරන සේවකයන් අත් ආවරණ, මුව ආවරණ, හිස්වැසුම් හා ඒප්‍රන් පැළඳ නොසිටීම, වෙළඳසැල්වලින් බැහැර කෙරෙන අප ජලය පොදු කාණුවට බැහැර කිරීම, කසල බඳුන් විවෘතව තැබීම ද වීදි ආහාර අලෙවිකරුවන්ට එල්ලවූ චෝදනා වනවා.

කොට්ටාව ප්‍රදේශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 12ක් සහ කෘමීන් සිටි රසකාරක යුෂ බෝතල් විනාශ කිරීමට ද පියවර ගැනුණා.

ඒ අනුව අදාළ වැරදි සම්බන්ධයෙන් වීදි ආපන ශාලා 14කට කඩුවෙල අධිකරණයේ නඩු පවරා ස්ථාන හයකුට නිවේදන නිකුත් කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56