සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම බිලියනයකින් වැඩි වෙයි

මත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීමට ගැනීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට අනාවරණය කර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව මෙම කාරක සභාවට කැඳවා තිබුණා.

මේ අනුව සුරාබදු පනත සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී කමිටුව විමසනු ලැබුවා. එසේම සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩි කරගෙන ඇති ආදායම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියටද කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත් පැන් බෝතල්වල ඇළවීම තවදුරටත් අවම කිරීමට හේතු වන බව ද මෙහිදී කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

එසේම RAMIS පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමද මෙහිදී සිදු කෙරුණා. මේ අනුව මෙම දත්ත පද්ධතිය අනෙකුත් රාජ්‍ය ආයතන සමග සම්බන්ධ කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී කමිටුව විසින් පරීක්ෂා කර තිබෙනවා. මේ අනුව පවතින අඩුපාඩු මගහරිමින් 2024 ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන බව පැමිණි නිලධාරීන් සඳහන් කළා.

තව ද බදු ලිපිගොනු සංඛ්‍යාව දැනට ලක්ෂ 7ක් පමණ වන බවත් එය ඉදිරියේදී ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව ආදායම් බදු නිවැරදිව ගෙවන පාර්ශ්ව ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසටයි කමිටුව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

තවද රේගුව සම්බන්ධ නීති සංශෝධනය කිරීම මගින් අපේක්ෂිත බදු ආදායම ඉක්මවූ බදු ප්‍රමාණයකට රේගුවට ළඟා විය හැකි බව ද මෙහිදී කමිටුව පෙන්වා දී තිබෙනවා. එසේම රේගුව විසින් අය කළ යුතු බදු අය කර ගැනීම වෙනුවෙන් ගන්නා පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38