සීගිරියේ ඉර උදා‍ව නැරඹීමෙන් දිනකට ඩොලර් තුන්දහසකට අධික අදායමක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පවතින මුදල්, අයතා කටයුතුවලට භාවිතා කිරීමට නොහැකි වන ලෙසට සහ එම මුදල් නිශ්චිතව භාවිතා කළ යුතු ආකාරය ගැනත් රෙගුලාසි පනවමින් මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝදනය කිරීමට ආගමික කටයුතු සහ සහජීවන‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ හිමි වී තිබෙනවා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඩොලර් උත්පාදනය අද වන විට 614%කින් වර්ධනය කරගත හැකි වී තිබෙන බවයි එම අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා කාරක සභාව හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ.

වර්තමානය වන විට සීගිරියේ ඉර උදා‍වේ සුන්දරත්වය විදේශිකයින්ට නැරඹීමට අවස්ථාව සලසාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික අදායමක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළා. තවදුරටත් සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ හඳුනාගනිමින් පවතින බවත් එම කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට KOICA ආයතනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක ආධාරයක් ලබාදීමට මුලික එකඟතාව හිමිවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

සංචාරක කලාපවල අවිධිමත් ලෙස සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන සමහර ත්‍රී රෝද රථ රියදුරන් අධික මිල ගණන් අයකරන බව මෙහිදී අනාරණය වුණා. ඒ අනුව එම ප්‍රදේශවල පවතින ත්‍රී රෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කළයුතු බවයි නිලධාරීන් කරක සභාවට අවධාරණය කළේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමත් දැනට රාජකාරි කටයුතු කරන 286ක් වූ ස්ථිර නොමැති සේවකයින් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන් කාරක සභාවෙන් ඉල්ලීමක් කළා. අනුව ඒ සඳහා කාරක සභාව ඔවුන්ගේ පවතින රාමුව තුළ මැදිහත්වීමටයි එකඟ වී ඇත්තේ.

මේ අතර මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කාරක සභාව හමුවේ මෙදින පෙනී සිටියා. එහිදී එම දෙපාර්තමේන්තුවේ ආදායම් උත්පාදනය වර්ධනය කරගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළා. ඒ අනුව මේ වනවිට තමන් සතුව පවතින ඉඩම් හා දේපොළ ඵලදායී ලෙස භාවිතා කර ආදායම් උත්පාදනය සඳහා කටයුතු කරමින් පවතින බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ. එමෙන්ම මහා භාරකාර දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එම දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවද නිලධාරීන් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58