‘මීපුර’ කතෘ ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනපති ගෞරවය සම්මානය (ඡායාරූප)

වෘත්තීය වෙබ් මාධ්‍යෙව්දී සංගමයේ කැඳවුම්කරු මෙන්ම ‘මීපුර’ වෙබ් අඩවියේ පුරෝගාමියාවන ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.

නැගෙනහිර ටිමෝරයේ අගනුවර දිලී හිදී පැවති රාජ්‍ය උත්සවයේ දී ඔහුට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දුනීසියානු හමුදා පලානයෙන් බැට කෑ නැගෙනහිර ටිමෝරයට විමුක්තිය උදාකර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ස්ථාපිත වීම පිනිස ලෝකය පුරා ගෙනගිය සහයෝගිතා අරගලයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ප්‍රෙඩී ගමගේ මෙම සම්මානයෙන් පිදුම් ලැබුවා.

2000-2002 දී නැගෙනහිර ටිමෝරය ඒක්සත් ජාතීන් විසින් පාලනය කළ සංක්‍රාන්ති පාලන කාලයකට යටත් වූ අතර 2002 වර්ෂයේ දී නිදහස් මැතිවරණයකින් ඉන්දුනීසියාවෙන් වෙන් වී නිදහස් රටක පාලනයක් ජනතාව විසින් තෝරා ගත්තා.

නැගෙනහිර ටිමෝරය නිදහස් කරගැනිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ සහයෝගිතා කණ්ඩායම් ආසියා පැසිපික් ටිමෝර් සහයෝගිතාවයේ (Asia Pacific solidarity Coalition (APSOC) ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ප්‍රෙඩී ගමගේ ක්‍රියාකාරී වූ අතර, ටිමෝරයට සහාය පළ කරමින් දියත්කළ විරෝධතා සංවිධානය කරමින් ලංකාව තුළ ‘තෙවන ලොව මිතුරෝ ‘ සංවිධානයේ කැඳවුම්කැ ලෙස සහයෝගීතා වැඩ ක්‍රියාත්මක කළා.

නැගෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනිම උදෙසා සිදුකළ දැවැන්ත ජාත්‍යන්තර සහයෝගිතා අරගලයේ කොටස්කරුවෙකු වීම හේතුවෙන් ඔහුට ඒරට ජනතාවගේ ගෞරවය සහ ප්‍රනාමය පුදකරමින් ප්‍රෙඩී ගමගේ ඇතුළු තවත් රටවල ක්‍රියාධරයන් කිහිපදෙනෙකු මෙම ගෞරව සම්මානය එරට ජනාධිපති ජොසෙ රාමොස් හොර්තා විසින් පිළිගන්වනු ලැබුවා.

WhatsApp Image 2023 11 28 at 2.19.50 PM 2 1
WhatsApp Image 2023 11 28 at 2.19.50 PM 1 1
WhatsApp Image 2023 11 28 at 2.19.50 PM 3
WhatsApp Image 2023 11 28 at 2.19.49 PM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?