AFC Banner
Empty Ad
Empty Ad

දංඕවිට රබර් කර්මාන්තශාලාවක් ගිනිගෙන විනාශ වෙයි

දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඊයේ (27) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටහෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා ගම්පහ සහ කොළඹ මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකක පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ඊට අමතරව වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවීමේ ඒකකය ද මෙම ගින්න නිවීම සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්න නිවා දැමීමට තවමත් හැකිව නොමැති අතර, මේ වනවිට ගින්න පැතිරයාම පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, පොලීසිය සැකපළ කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි.

මේ අතර මෙම රබර් කර්මාන්තශාලාවේ කොටසක් මීට මාස 04කට පෙර ද ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?