දංඕවිට රබර් කර්මාන්තශාලාවක් ගිනිගෙන විනාශ වෙයි

දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඊයේ (27) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබෙනවා.

රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටහෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා ගම්පහ සහ කොළඹ මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකක පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ඊට අමතරව වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවීමේ ඒකකය ද මෙම ගින්න නිවීම සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්න නිවා දැමීමට තවමත් හැකිව නොමැති අතර, මේ වනවිට ගින්න පැතිරයාම පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, පොලීසිය සැකපළ කරන්නේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි.

මේ අතර මෙම රබර් කර්මාන්තශාලාවේ කොටසක් මීට මාස 04කට පෙර ද ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24