නගර සභාවේ මුදල් දියණියගේ මගුලට වියදම් කළ රාජ්‍ය නිලධාරිනිය රිමාන්ඩ්

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 ක මුදලක් නගර සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයට වියදම් කිරීමට රැගෙන ගිය බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිනිය මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම මූල්‍ය වංචාවට අදාළ ව නගර සභාවේ ගණකාධිකාරිවරයා ඇතුළු පිරිසක් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ නමුත් සිද්ධියෙන් මාසයකටත් වැඩි කාලයක් ගතවන තෙක් ම සැකකාරිය
අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වූ බව ද වාර්තා වනවා.

මේ වනවිට වැඩ තහනමට ලක් ව සිටින නිලධාරිනිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අත්පත්තු මහත්මියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

සැකපිට අත්අඩංගුවට ගත් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 01 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26