හිටපු ජනාධිපතිවරුන් සහ හේමා ප්‍රේමදාස වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය ගැන අනාවරණයක්

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳ හේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය අනාවරණය වී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.

මේ අනුව ලේකම් දීමනා, ඉන්ධන දීමනා සහ විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් මාසිකව රුපියල් 3,715,350 ක් රජය වැය කරනු ලබයි.

මේ තොරතුරුවලට අනුව රණසිංහ ප්‍රේමදාස බිරිඳට රුපියල් 25,000ක ලේකම් දීමනාවක්, රුපියල් 100,000ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 65,000ක විශ්‍රාම දීමනාවක් ලබා දෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාසිකව රුපියල් 100,000ක ලේකම් දීමනාවක් ද රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් ද රුපියල් 97,500ක විශ්‍රාම ප්‍රතිලාභයක් ද ලැබේ.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් 50,000ක ලේකම් දීමනාවක්, රුපියල් 679,950ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම දීමනාවක් හිමි වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් 100,000ක ලේකම් දීමනාවක්, රුපියල් 679, 950ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම දීමනාවක් ලැබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට රුපියල් 100,000ක ලේකම් දීමනාවක්, රුපියල් ලක්ෂ 05ක ඉන්ධන දීමනාවක් සහ රුපියල් 97,500ක විශ්‍රාම ප්‍රතිලාභයක් ලැබේ.

1986 අංක 4 දරණ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව, සෑම හිටපු ජනාධිපතිවරයෙකුට සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳට හෝ සැමියාට, ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ විශ්‍රාම වැටුපක්, ඉන්ධන දීමනාවක් සහ ලේකම් දීමනාවක් හිමි වේ.

එපමණක් ද නොව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ ජීවත් වීමට සුදුසු නිවසක් කිසිදු කුලී නොමැතිව ලබා දෙයි.

මීට අමතරව ඇතැමෙකුට ආරක්ෂාව වෙනුවෙන් දීමනාවක් ලබා දෙන බවත් හෙළිව තිබේ.

මේ අතර තම විශ‍්‍රාම වැටුප පුද්ගලික භාවිතයට නොගෙන යම් අරමුදල්වලට බැර කළ යුතු බවටත් හිටපු ජනාධිපතිවරුන් විවිධ අවස්ථාවල මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබිණි.

එහෙත්, ඒ සඳහන් කළ පරිදි අරමුදල්වලට එවැනි මුදල් බැර කර නොතිබූ නමුත් ඔවුන් මෙම දීමනා බැර කර ඇත්තේ ඔවුන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට පමණක් බව අනාවරණය වී තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ට මාසිකව ගෙවනු ලබන දීමනා සහ වරප්‍රසාද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වාර්ෂික අයවැයෙන් සාකච්ඡා කෙරේ.

ඔවුන්ගේ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මෙවරත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

මෙම වැය ශිර්ෂය අනුව මෙම සමස්ථ වියදම් වෙනුවෙන් 2024 වසරට රුපියල් මිලියන 110ක් වෙන් කර තිබේ.

මෙම වසර වෙනුවෙන් වෙන්කර තිබුණේ රුපියල් මිලියන 84කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
4
+1
3
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?