සැකකරුවෙකුගේ මරණයට ඇල්ලූ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කළ සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම නිලධාරීන් දෙසැම්බර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමටයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නිකුත් කළ නියෝගයකට අනුවයි මෙම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් තිබුණේ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයක් දෙදෙනෙක් අතරින් 26 හැවිරිදි තරුණයෙක්.

මිය ගිය තරුණයාගේ මරණයට හේතුව පහරදීමකින් වකුගඩුවට සිදු වූ හානි බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා.

මෙම සැකකරු තවත් අයෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී නිවැසියන් බිය ගන්වා රුපියල් 90000ක් සහ පවුම් 16 හමාරක රන් භාණ්ඩ කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙනුයි.

සැකකරුවන් දෙදෙනා පසුගිය 11 වනදා නාගකන්නි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මල්ලාගම් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධානාගාර ගත කර තිබුණා.

මෙලෙස බන්ධනාගාර ගත කර සිටි කාවනාවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරු බන්ධනාගාරය භාරයේ සිටියදී හදිසි අසනීප තත්ත්වයකින් පෙළීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පසුගිය 16 වනදා යළිත් එම සැකකරු බන්ධනාගාරයට රැගෙන ඒමටයි කටයුතු කෙරුණේ.

පසුව 19 වනදා මෙ සැකකරු නැවතත් හදිසියේ අසනීප වීම හේතුවෙන් යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

සැකකරු මියයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමක නිලධාරියෙක් විසින් පසුගිය 19 වනදා යාපනය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා.

මියගිය සැකකරුගේ මෘත දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 20 වනදා යාපනය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසිනුයි සිදු කර ඇත්තේ.

ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරීත්වය අවහිර වී මෙම මරණය සිදුව ඇති බවටත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බවටත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තාව ලබාදී තිබෙනවා.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව පදනම් කරගෙන මෙම සැකකරුගේ හදිසි මරණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි පොලිසිය කියාසිටියේ.

මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරීන් විසින් අපරාධමය වරදක් සිදු කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතියය ටතේ ද එමෙන්ම යම් විනය කඩ කිරීමක් වාර්තා වුවහොත් ඔවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ද සූදානම් බව පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව තවත් නිලධාරීන් සම්බන්ධ බවට අනාවරණ වුවහොත් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15