බලහරුව – කුඩාඔය ගලා බසින අලුත්වෙල සපත්තු පාලම මතින් යතුරුපැදිය ධාවනය කිරීමට යාමේ දී සැඩපහරට හසු වී
පුද්ගලයෙක් ගසාගෙන ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයාගේ මළ සිරුර පාලමට ආසන්නයේ තිබී ඊයේ (24) සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචි උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන වැඩබිම් සුපරීක්ෂකවරයෙක්.
මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.
මේ අතර මින්නේරිය – රොටවැවට දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ඊයේ (24) අතුරුදන්ව තිබුණා.
අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද (25) උදෑසන වැවේ සොරොව්ව අසලට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස, අතුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා මින්නේරිය, රොටවැව ප්‍රදේශයේ විහාරස්ථානයක කාලයක සිට නවාතැන් ගෙන විහාරස්ථානයේ කටයුතුවලට සහයෝගය දෙමින් කටයුතු කළ පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.
මොහු නවාතැන්ගෙන සිටි විහාරස්ථානයේ වැඩවෙසෙන භික්ෂූන් වහන්සේනමක් සමඟ ඊයේ (24) දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙලෙස දියේ ගිලී මිය ගොස් තිබෙනවා.









