සීයකට වැඩි පිරිසකට ඊශ්‍රායලයේ රැකියා සිහින පෙන්වමින් සිටි කාන්තාවක් මාට්ටු

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් පුද්ගයින්ව කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මෙම වැටලීම සිදුකර අවස්ථාවේ දී මෙම ජාවාරමේ ප්‍රධානියා බව කියන සැකකාරියගේ සැමියා පළා ගොස් ඇති බවයි වුණේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වැටලීම කරන අවස්ථාවේ දී සැකකාරියගේ නිවසට 100 කට වැඩි පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට පැමිණ සිට ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ ගොවිපොළවල රැකියා අවස්ථා ලබාදෙන බව පවසා ඔවුන්ව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳව ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මෙම රැකියා අවස්ථා ලබාදීමට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය කර ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මේ අතර සැකකාරියගේ නිවසේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාගැනීම සඳහා සකස් කර තිබූ අයදුම් පත්‍ර 214ක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගල ඇප 02ක් මත මුදාහැර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානනයෙන් පළා ගිය ප්‍රධාන සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සහ එරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති බැවින් බාහිර පාර්ශ්වයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ද විදේශ සේවා නියුක්ති කාර්යංශය මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44