උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන යථා තත්ත්වයට

ගස් සහ පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දුම්රිය මාර්ගයට ගස් සහ පස්කඳු කඩාවැටීම නිසා එහි දුම්රිය ධාවනය සීමාකර තිබුණා.

ඒ, අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සියල්ල නානුඔය දක්වා සීමාකර තිබූ අතර, බදුල්ලේ සිට කොළඹ කොටුවට දුම්රිය ධාවනය වුයේ නැහැ.

මාර්ගය යළි යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන පළමු දුම්රිය අද (24) පෙරවරු 10.15ට බදුල්ලෙන් ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?