ඩයනා ඉල්ලූ අතුරු තහනම එළියට විසිවෙයි

සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (24) ප්‍රතික්ෂේප කළා.

සජිත් ප්‍රේමදාසට සහ රංජිත් මද්දුමබණ්ඩාරට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බවත්, ඔවුන් එම ධුරවල කටයුතු කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගොනුකළ නඩුවකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ, අනුව නඩුවට අදාළ උත්තර පෙබරවාරි මස 12 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් දිසාවිනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කළා.

පැමිණිලිකාර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන අය බවත්, ඊට අදාළව ඔවුන් විසින් පැවරූ නඩු තවමත් අධිකරණවල විභාග වෙමින් පවතින බවයි.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි ඩයනා ගමගේ පෙන්වා දෙන්නේ.

ඒ, අනුව සජිත් ප්‍රේමදාස සා රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයින් බැවින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම ධුර දැරිය නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසාවිනිසුරුවරයා සිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් පෙත්සම්කාරිය සිය පැමිණිල්ල ඔස්සේ ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළා.

ඒ, අනුව සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අය සමගි ජනබලවේගයේ දුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් දිසා විනිසුරුවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32