ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම තව දුරටත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
අහමදාබාද්හි අද (21) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය ඉවත් කළ නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ද මෙහි දී තීරණය කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වන විට පවතින පරිපාලනමය ගැටළු හේතුවෙන්.














ARUTA AYE MEHE ENNA NODHEE PITUWAHAL KARALA DANNA. UTA SUPPORT KALA MEHE SET EKATH AWAMAN SAHITHAWA PITUWAHAL KARALA DANNA. ITA PASSE CRICKET AYE GODA GANNA KRAMAYA HADAGENA ICC EKATA APPEAL KARANNA. APITA BALALA SENASENNA THIBUNA EKAMA SPORT EKA EKEKUTA DENNEKUTA AYITHI DEYAK NOWEYI. EKA GENA MOKA HARI THAMUNGE BUDHALAYAK KIYALA HITHAGENA WEDA KALANAM THNI THEERANA GATHTHA NAM EYI WAYIN RATATA KREEDAWATA HANIYAK UNANAM UWA AYE MEHE THIYANNA WATINA EKEK NOWEYI. PANNALAMA DANNA RATINUTH.