පොල් සොරකමේ ගිය පුද්ගලයාට වෙඩි තැබූ මුරකරු අත්අඩංගුවට

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එම පොල් වත්තේ මුරකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ කටාන පලුගහවෙල ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක් තුල මෙම වෙඩි තැබීම සිදුව තිබූ බවයි.

තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබුවේ පලුගහවෙල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

අක්කර 16ක් පමණ වන පොල් වත්තට තුවාලකරු අනවසරයෙන් ඇතුලු වී පොල් එකතු කිරීමට ගිය අවස්ථාවේ මුරකරු විසින් බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරු ගිනි අවිය ද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කටාන පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10