spot_imgspot_img

පොල් සොරකමේ ගිය පුද්ගලයාට වෙඩි තැබූ මුරකරු අත්අඩංගුවට

පොල් සොරකමේ ගිය පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එම පොල් වත්තේ මුරකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්ෂි රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ කටාන පලුගහවෙල ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක් තුල මෙම වෙඩි තැබීම සිදුව තිබූ බවයි.

තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

සිද්ධියෙන් තුවාල ලැබුවේ පලුගහවෙල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

අක්කර 16ක් පමණ වන පොල් වත්තට තුවාලකරු අනවසරයෙන් ඇතුලු වී පොල් එකතු කිරීමට ගිය අවස්ථාවේ මුරකරු විසින් බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරු ගිනි අවිය ද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කටාන පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?