යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වුණ ඇමති සුසිල්ට හතර වටින් ම සුබ පැතුම්

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සුබ පැතුම් හිමි ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ආසියානු ශාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති බවයි.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි ව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරිණත ආචාර්යවරයකු වූ සුසිල් ප්‍රේමජයන්ත ලද මේ විශිෂ්ට ජයග්‍රහණය පෞද්ගලික ව එතුමා සහ රට ලැබූ විජයග්‍රහණයක් බවයි.

යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඉතා දුලබ මෙන් ම අසීරුවෙන් ලබාගත යුතු අවස්ථාවක් බවත් එවන් තනතුරක් සඳහා ජාත්‍යන්තර ඡන්ද විශාල ප්‍රමාණයක් දිනාගනිමින් තේරී පත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාට දකුණු ආසියානු කලාපයට හා සමස්ත ලෝකයට ම සේවය කිරීමට මහඟු අවස්ථාවක් මෙමගින් උදා වූ බවත් රට වෙනුවෙන් හා පාර්ලිමේන්තුව වෙනුවෙන් තමන් ඒ සඳහා සුබපැතුම් එක් කරන බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙහි දී සුබ පැතුම් එක් කරමින් සඳහන් කළා.

ප්‍රේමජයන්ත මහතා ප්‍රංශයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ මූලස්ථානයේ දී මෙවර යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත් වූ අතර මින් පෙර 2008 වර්ෂයේ ද එම තනතුර හොබවමින් රටට කීර්තියක් අත් කර දුන් බැව් සඳහන් කළ සුදර්ශන දෙණිපිටිය මන්ත්‍රීවරයා ද රටවල් විශාල සංඛ්‍යාවක් අබිබවා ලද මෙම දුලබ ජයග්‍රහණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට සුබ පතා තිබෙනවා.

මෙහි දී ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ම සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32