ව්‍යාපාරිකයාගේ නිවසින් සොරකම් කළ මුදල් පොලිසියට අල්ලස් ලෙස දෙන්න ගිය මෙහෙකරු අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් ලක්ෂ 85ක මුදලක් සොරාගෙන ත්‍රීරෝද රථයකින් යමින් සිටි මෙහෙකාර සේවකයා පොලිසියට හසු වීමෙන් අනතුරුව එම මුදල් සියල්ල පොලිසියට අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ සොරා ගත් මුදලින් රුපියල් 8,440,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බදුල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු තම පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් කුලී පදනම මත ලබාගෙන එම නිවසේ මෙහෙකාර සේවය සඳහා ඔහු යටතේ වසර 25ක පමණ කාලයක් සේවය කළ මෙම සැකකරු නතර කර තිබෙනවා.

ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනා සහ වැඩිමල් පුතුගේ මිතුරෙක් පදිංචිව සිටින අතර ඊයේ (15) ව්‍යාපාරිකයා බදුල්ලේ සිට බිරිඳ සහ දියණිය සමඟ එම නිවසට පැමිණ තිබූ බව සඳහන්.

පුතුන් දෙදෙනා සහ ඔහුගේ මිතුරා අධ්‍යාපන කටයුතු සඳහා උදෑසන නිවසින් පිටත්ව ගොස් තිබූ අතර එම නිවසට පැමිණි ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය අවශ්‍යතාවයක් සඳහා දහවල් නිවසින් පිටතට ගොස් තිබුණා. මද වේලාවකදී ව්‍යාපාරිකයා ද රියදුරු සමඟ නිවසින් පිටතට ගොස් තිබූ බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේදී සැකකරු ව්‍යාපාරිකයාගේ රියදුරු අමතා ඔවුන් සිටින තැන විමසා ප්‍රකශ කර ඇත්තේ යළි පැමිණෙන විට පෙශර් පෙති රැගෙන එන ලෙසටයි.

ව්‍යාපාරිකයා සහ රියදුරු නිවසට පැමිණ ඖෂධ ලබා දීම සඳහා මෙහෙකරු අමතා කතා කළ ද ප්‍රතිචාරයක් නොවීමෙන් නිවසේ සොයා බලා තිබෙනවා. ඒ අනුව ද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට දන්වා කළ සොයා බැලීමේදී නිවසේ අල්මාරිය විවෘත කර ඇති ආකාරය දක්නට ලැබී ඇතැයි සඳහන්.

එහි තැන්පත් කර තිබූ රුපියල් කෝටියකට පමණක් ආසන්න මුදලින් රුපියල් ලක්ෂ 85ක මුදලක් නොමැති බවත් රන් භාණ්ඩ සහ තවත් මුදල් ඒ අයුරින්ම තිබෙන බවත් පවසමින් ව්‍යාපාරිකයා බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය සිදු කෙරෙන අතර ගල්ගමුව පොලිසියෙන් බොරැල්ල පොලිසියට ලැබුණු පණිවුඩයකින් ප්‍රකාශ වී ඇත්තේ මාර්ග බාධකයක් හරහා ත්‍රී රෝද රථයකින් යාමට පැමිණි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු මුදල් මිටියක් පොලිස් නිලධාරීන් වෙත ලබාදී එය ලබාගෙන තමන්ට එම ස්ථානයෙන් යාමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව ඔහු සතුව තිබූ බෑගය පරික්ෂා කිරීමේදී විශාල මුදල් තොගයක් තිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ගල්ගමුව පොලිසිය දැන්ව තිබෙනවා.

අධික ලෙස මත්පැන් පානය කර සිටි එම පුද්ගලයා අනෙක් මුදල් කොටස ද තමන් වෙත ලබා දීමට එකඟතාවය පළ කළ බවයි එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව එම සැකකරු කුලී පදනම රැගෙන ආ ත්‍රී රෝද රථ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී තමන් බොරැල්ලේ සිට අනුරාධපුරය දක්වා කුලී පදනම මත මෙම පුද්ගලයා සමඟ පැමිණි බවට ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු මුදල් සොරා ගැනීමෙන් අනතුරුව ත්‍රී රෝද රථයේ නැගී කටුනායකට පැමිණ මත්පැන් පානය කර එහි සේවකයෙකුට සන්තෝසම් වශයෙන් රුපියල් 5000ක මුදලක් ද ලබාදී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අනුරාධපුරයට එන අතරවාරයේදී දුරකථනයෙන් අමතා ඔහුගේ පුතුට වෑන් රථයක් මිලදී ගැනීම සඳහා මුදල් ලබා දෙන බවට ද පොරොන්දු ලබාදී ඇතැයි ද සඳහන්. 52 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. බොරැල්ල පොලිසියයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13