උපරිම සිල්ලර මිල ඉක්මවා හාල්, සීනි විකුණනවා නම් වහාම දැනුම් දෙන්න

උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරන අවස්ථාවල දී බිල්පත සමඟ පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දීමක් කරනවා.

එම අධිකාරියේ තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මධ්‍ය හමුවක් පවත්වමින් මෙම දැනුවත් කිරීම සිදුකළා.

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති අවස්ථාවේ උපරිම මිල ඉක්මවා සීනි සහ සහල් අලෙවිකරන පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් නියමකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත යත්තේ හැකියව ඇති බවයි
ඔවුන් ඔවුන් සඳහන් කළේ.

එහිදී තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා අවම දඩය රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහක් දක්වා උපරිම මුදලක් දඩ ලෙස නියම කිරීමට අධිකරණයට හැකියාව පවතිනවා.

සමාගමක් නම් එම ආයතනයට අවමය රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 50ක් දක්වා උපරිම දඩ මුදලක් පැනවීමට හැකියව තිබෙනවා.

මීට අමතරව මාස 06ක සිරදඬුවම් ලබාදීමත්, සිරදඬුවම් සහ දඩ මුදල අයකර ගැනීම යන දෙකම ක්‍රියාත්මක කිරීමටත් අධිකරණයට බලය පැවරී ඇති බව ඔවුන් ප්‍රකාශ කළේ.

මේ වන විට වැඩි මිලට සීනි අලෙවි කළ 350 කට අධික පිරිසකට නඩු පවරා ඇති අතර, මෙම මාස 10 තුළ සමස්ත දිවයින පුරාම වැටලීම් 22,000ක් සිදුකර තිබෙනවා.

එයින් 19,000කට නඩු පවරා ඇති අතර, දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 220ක මුදලක් රජයට හිමිකර දීමට හැකිව තිබෙනවා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි නම් සඳහන් කරමින් පැමිණෙන ව්‍යාජ දුරකථන ඇමතුම්වලින් ප්‍රවේශම්වන ලෙස ද ඔවුන් මෙහිදී දැනුම් දුන්නා.

මේ වනවිට වෙළඳපොලේ කීරි සම්බා කිලෝ එකක් රුපියල් 260ක උපරිම සිල්ලර මිලකටත්, සම්බා සහල් කිලෝ එකක් රුපියල් 230ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු වනවා.

ඊට අමතරව සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 275ක මිල එකටත් සුරුම් කළ සුදු සීනි කිලෝ ග්‍රෑම් එකක් 295 කටත් අලෙවි කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?