ඉදිරියේ දී ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් – පේරාදෙණියෙන් ඇරඹෙන වැඩපිළිවෙළ

ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වුණා.

මෙම යෝජනාවේ අරමුණ වන්නේ රටේ අධ්‍යාපනය නවතාවක් තුළින් ඉදිරියට ගෙන යාම බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කර එහි තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ද ඊට ලබා දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රැකියාවක් හිමි වූ පසු ආපසු ගෙවීමේ එකඟතාව යටතේ; පෞද්ගලික බැංකු හරහා සිසුන්ට සහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා.

උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් නව අයවැය හරහා ලබාදීමටයි යෝජනා කෙරුණේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹීමේ යෝජනාවක් ද ජනාධිපතිවරයා විසින් අද නව අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා.

මීළඟ වසර 2-3 තුළ විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වැඩි කිරීම අරමුණ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතන 04ක් විශ්වවිද්‍යාල බවට පත් කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරුණා.

නව තාක්ෂණික විශ්වවිද්‍යාල 04ක් ද ස්ථාපිත කිරීමට යෝජනා වූ අතර; ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට සහ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද 2024 අයවැයෙන් සිදු කෙරුණු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා යි.

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබාදීම සඳහා ද රුපියල් මිලියන 500ක් නව අයවැයෙන් වෙන් කෙරුණු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18