ඉදිරියේ දී ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් – පේරාදෙණියෙන් ඇරඹෙන වැඩපිළිවෙළ

ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ස්ථාපිත කිරීමට මෙවර අයවැයෙන් යෝජනා වුණා.

මෙම යෝජනාවේ අරමුණ වන්නේ රටේ අධ්‍යාපනය නවතාවක් තුළින් ඉදිරියට ගෙන යාම බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කර එහි තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ද ඊට ලබා දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රැකියාවක් හිමි වූ පසු ආපසු ගෙවීමේ එකඟතාව යටතේ; පෞද්ගලික බැංකු හරහා සිසුන්ට සහන ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා.

උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් නව අයවැය හරහා ලබාදීමටයි යෝජනා කෙරුණේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැළපෙන පරිදි වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇරඹීමේ යෝජනාවක් ද ජනාධිපතිවරයා විසින් අද නව අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා.

මීළඟ වසර 2-3 තුළ විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වැඩි කිරීම අරමුණ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

පෞද්ගලික උසස් අධ්‍යාපනික ආයතන 04ක් විශ්වවිද්‍යාල බවට පත් කිරීමටත් අයවැයෙන් යෝජනා කෙරුණා.

නව තාක්ෂණික විශ්වවිද්‍යාල 04ක් ද ස්ථාපිත කිරීමට යෝජනා වූ අතර; ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට සහ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද 2024 අයවැයෙන් සිදු කෙරුණු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා යි.

ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලබාදීම සඳහා ද රුපියල් මිලියන 500ක් නව අයවැයෙන් වෙන් කෙරුණු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?