පීලි පැනපු රට පීල්ලට දැම්මේ මම – ජනපති

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන 2024 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එලෙස අසීරුවෙන් පීල්ලට දැමූ රට ගොඩගැනීමට ජනතාව වෙහෙසෙන විට එසේ නොකර; රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්; කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දුවල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බව ද කියා සිටියා.

දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙසයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටින්නේ.

දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළට ම ඔසවා තබන්නට සියලු දෙනා අවංක ව කැපවන ලෙස ද පාර්ලිමේන්තුවේ දී හෙතෙම ඉල්ලා සිටියා.

මෙම දුෂ්කර මාවතේ ඉදිරියට ගියහොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් නිර්මාණය කර ගත හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙස හැරී බලන විට රට යන මාවත නිවැරදි බව 100%ක් ම සනාථ වන බව ද ප්‍රකාශ කළා.

මෙතෙක් පැමිණි ගමන් මගෙහි සිදු වූ අඩුපාඩු හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට නිහතමානී ව කටයුතු කරන බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32