ලෝක කුසලානයෙන් දොට්ට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස, එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත් වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ පවසනවා.

ඒ අද අලුයම එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මූලික වටයේ තරගවලින් පරාජයට පත් වීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තම ග්‍රහණයට ගැනීමට කැපවන බවත්, මේ පිළිබඳ සියලු තතු තව දින දෙකකින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැන ගැනීමට සැලැස්වීමට තමන් පියවර ගන්නා බවත් තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානය අද අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිටයි මෙරටට පැමිණියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත එක් ව සිටියා.

ක්‍රිකට් කණ්ඩායම සමග පුහුණුකරුවන්, භෞත චිකිත්සකයන් ඇතුළු නිලධාරීන් සියලු ම දෙනා පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට ව යාම සඳහා පොදු බස් රථයක් ද සූදානම් කර තිබුණ ද බොහෝ ක්‍රීඩකයින් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගිය අතර ඔවුන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ සහ ඒ අවට වැඩි ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද යොදා තිබුණු බව ද අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙවර එක්දින ලෝක කුසලානයේ දී අමිහිරි පරාජයක් උරුම වුණා.

ඒ ඔවුන් මුහුණ දුන් තරග 09න් 07ක් ම පරාජයට පත් වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ වත්මන් ලෝක ශූර එංගලන්තයට එරෙහි තරගය සහ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණි.

ඊයේ පැවැති අවසන් තරගය ද ඔවුන් නවසීලන්තය ඉදිරියේ කඩුලු 05කින් පරාජයට පත් වුණේ, ප්‍රසාද ලකුණු පුවරුවේ 09 වැනි ස්ථානයට ඇද වැටෙමින්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීම මේ වනවිට අවිනිශ්චිත මට්ටමක පවතිනවා.

WhatsApp Image 2023 11 10 at 07.03.28
WhatsApp Image 2023 11 10 at 07.03.33 2
WhatsApp Image 2023 11 10 at 07.03.33
WhatsApp Image 2023 11 10 at 07.03.34
WhatsApp Image 2023 11 10 at 07.03.35 1
20231110 060000 scaled
20231110 060006 1 scaled
20231110 060006 scaled
20231110 060010 scaled
20231110 060024 scaled
20231110 060144 scaled
20231110 060919 scaled
20231110 061114 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18