සේවය කරන ආයතනය බිඳ කොල්ලකෑ සේවකයන් පස්දෙනා අල්ලයි (ඡායාරූප)

රූපලාවණ්‍ය සහ සැලොන් උපකරණ නිෂ්පාදනය කර ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා රටවල් ගණනාවකට අලෙවි කරන දේශීය ව්‍යවසායෙකුගේ කර්මාන්තශාලාවක් බිඳ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා නිෂ්පාදිත භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.

කටාන පොලිසිය පැවසුවේ; මෙම සොරකම පසුගිය 04 වැනිදා රාත්‍රියේ දී සිදු ව ඇති බවයි.

මෙහි නිෂ්පාදිත භාණ්ඩ මෙරට ප්‍රදර්ශනාගාර 10ක් මගින් අලෙවි කිරීම සිදු කෙරෙන අතර කැනඩාව , ඔස්ට්‍රේලියාව, මාලදිවයින ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක අලෙවි කිරීම සඳහා අපනයනය කිරීම සිදු කෙරෙනවා.

එහි සේවය කරන සේවකයින් 05 දෙනෙකු එක් ව මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

කොල්ලකරුවන් සොරකම් කළ භාණ්ඩ තොගය කොටස් වශයෙන් කෑලිවලට ගලවා සොරාගෙන ගොස්, පසුව අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට, ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදු කර තිබෙනවා.

සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව කටාන පොලිසිය විසින් අදාළ සැකකරුවන් 05 දෙනා ව ඔවුන් මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කිරීමට සූදානම් ව සිටියදියි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සේවකයින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

20231109 102848 scaled
20231109 102857 scaled
20231109 104925 scaled
20231109 104950 scaled
20231109 104953 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55