AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 2ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද රාත්‍රී 11.30 තෙක් වලංගු වන ආකාරයෙන්.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි.

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතුයි.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ද ජනතාවට දැනුම් දෙනවා.

හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කලමනාකරණ නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා - ජලනි අතර ගැටුමක්..? හිරුණිකා සියල්ල හෙළිකරයි
Video thumbnail
කෝප්පෙන් ජනාධිපති වෙන්න හැදූ - ජනක රත්නායක ටැප් එකෙන් දියවන්නාවට
06:16
Video thumbnail
ඇමතිකම අපිට දෙන්න, අපි කරලා පෙන්නන්නම්
13:06
Video thumbnail
බොරු ප්‍රතිඵල සමාජ මාධ්‍යට දැම්ම අයට මැතිවරණ කොමසාරිස් දුන්න සැර පිළිතුර #election2024
05:23
Video thumbnail
අවුරුදු ගානක් බලා සිටි ප්‍රශ්නේට පිළිතුරු ලැබෙන දවස
03:01
Video thumbnail
ලාල් කාන්තගෙන් රත්වත්තෙට අදත් ලොකු සද්දයක්...#lalkantha #akd #npp
02:50
Video thumbnail
පිටු අඩු නම් කියන්න, මම හොයාලා දෙන්නම්
12:17
Video thumbnail
මේක ඉතිහාසයේ ලියවෙන වැඩක් - මාලිමාව මනාප ක්‍රියාන්විතය අරඹයි #npp #lalkantha #akd
06:36
Video thumbnail
අසරණ ධීවරයින්ගේ බෝට්ටු ටික කුඩුපට්ටම් කළ සුළඟ
03:48
Video thumbnail
එයාට තාම පුළුවන් උනාට - මයික් එක ළඟට යන්නවත් බෑ - දේශපාලනයෙන් සමුගත්තොත් හොඳයි නේද?
00:51

?