දේශපාලන ලොක්කෙකුගේ සොහොයුරෙක් පොලිස් අත්අඩංගුවට

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු තීරුබදු රහිත ව ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග ඊයේ (07) ඔහු ව අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා වස්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලිසිය සඳහන් කළ බවයි.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් වස්කඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේ දී තීරුබදු රහිත ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 200ක් පමණ සොයාගෙන තිබෙනවා.

සැකකරු වරාය අධිකාරීයේ සේවය කරන අයෙකු බවත්, වරායෙන් පැන්න වූ දුම්වැටි ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද වාර්තාවනවා.

සැකකරු පොලිස් ඇප මත බේරාගැනීම සඳහා කළුතර දේශපාලකයන් කිහිපදෙනෙකු උත්සාහ ගනිමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනු ඇති.