ව්‍යාජ බලපත්‍ර එක්ක ඉතාලි යන්න ආ කාන්තාව ඥාති පුතා සමග අත්අඩංගුවට

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර වංචනිකව සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට පැමිණි කාන්තාවක සහ තරුණයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 80ක් ලබාදී මෙම ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

54 හැවිරිදි මෙම කාන්තාව පුත්තලම තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර 23 හැවිරිදි ඇයගේ ඥාතී පුත්‍රයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර හරහා ඉතාලිය වෙත පිටත්ව යාම සඳහා අද උදෑසන 07.40ට ඕමානයේ මස්කට් නුවර බලා පිටත්ව යන ඕමාන ගුවන් සේවයේ WY- 372 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ සැක සිතූ ආගමන විගමන නිලධාරීන් මොවුන් දෙදෙනා ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

එහිදී මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර හලාවත වෙන්නප්පුව ප්‍රදේශයේ තැරැව්කරුවෙකු සකස් කර දුන් බවත් තමන් ඒ සඳහා තම ඉඩමක් විකුණා ඔහුට එම මුදල ලබා දුන් බවයි.

ඇය මීට පෙර ඉතාලියේ වසර ගණනාවක් සේවය කර පැමිණි කාන්තාවක් වන අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර තුළ ව්‍යාජ ලෙස සටහන් කළ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා තිබී ඇතැයි සඳහන්.

එමෙන්ම මෙම කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී තවත් ශ්‍රී ලංකා ආගමන විගමන ව්‍යාජ මුද්‍රාවක් ද තිබී මෙම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්පසුව මෙම කාන්තාව සහ ඇයගේ ඥාතී පුත්‍රයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
8
+1
4
+1
4
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52