Empty Ad
Empty Ad

නේපාල භූ කම්පනයෙන් ලාංකිකයන්ට හානියක් නැහැ

නේපාලයේ සිදුවු භූ කම්පනයෙන් එරට වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

නේපාලයේ ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු පමණ ජීවත් වන අතර ඔවුන් කත්මන්ඩු නුවර සහ පොක්කාරා යන ප්‍රදේශවල රැඳී සිටින බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

භූ කම්පනය සිදුවු නේපාලයේ බටහිර ප්‍රදේශයේ හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බවට එරට බලධාරීන් තහවුරු කළ බව ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

බටහිර නේපාලයේ සිදුවු එම භූ කම්පනයෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර තවත් 160කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයක් ලෙස සටහන්වී තිබුණා.

පළමු භූ කම්පනයෙන් පසුව පැයක් ඇතුළත තවත් පසු කම්පන 03ක් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන අවුරුද්දේ පැය ගණන් විදුලිය නැතිවෙයි ? - මුළු රටටම ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
Video thumbnail
චාමර දාපු සද්දෙට ආණ්ඩුවේ ලොක්කන්ගේ කටවල් වැහුණු හැටි
05:53
Video thumbnail
පාරිබෝගික අධිකාරියේන් සහල් මොල් වලට හදීසියේ කඩාපනී
03:21
Video thumbnail
යකෝ ඔයිට වැඩිය රටේ ජනාධිපතිට ප්‍රශ්න තියෙනවා
02:17
Video thumbnail
පඩි නැතුව මාලිමාවේ තවත් මන්ත්‍රීවරු පිරිසක් දිවුරුම් දෙයි
08:14
Video thumbnail
මෙච්චර පොල් ගණන් - මාස 10කට කලින් කරපු වැඩක ප්‍රතිවිපාක
08:13
Video thumbnail
අනතුරක් කර පලා ගිය මෝටර් රථයකට කඩුවෙල පොලීසියෙන් වැඩ වරදී
01:17
Video thumbnail
කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට රු.110ට පොල්
05:23
Video thumbnail
හාල් ගැන ඇහුවට හිටපු ජනපති සිරිසේනට තදවෙයි
04:57
Video thumbnail
පොත් වලට ගහලා තියෙන් VAT බද්ද අඩුකරන්නේ නැද්ද?  - ජනපති බලයට එන්න කලින් කිව්ව කතා කෝ?
04:37

?