බිරිඳ ඝාතනය කළ සැමියා ගෙළ වැළලාගෙන මියයයි

පවුල් ආරවුලක් හේතුවෙන් තම බිරිඳට හිරමනයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු එම නිවස තුළම ගෙල වැලලා ගෙන මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ සවස අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවසකින මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇති කාන්තාව අවුරුදු 32ක් වයසැති අයෙක් වන අතර සැමියාගේ වයස අවුරුදු 38ක්.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතූන් මත ආරවුල් ඇතිකරගෙන තිබී ඇති බවයි.

ඊයේ සවස ද දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු නිවසේ මුළුතැන් ගෙය තුළදී සැමියා විසින් බිරිඳගේ හිසට හිරමනයෙන් පහරදී තිබෙනවා. එම කාන්තාවගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇද වැටීමෙන් පසු ඇයගේ සැමියා එම නිවසේ ඉදිරිපස කාමරයේ ගෙළ වැළලාගෙන මිය ගොස් ඇතැයි සඳහන්.

මෙම අඹුසැමි යුවළට වයස අවුරුදු 12,10 සහ වයස අවුරුදු 6ක පිරිමි දරුවන් තිදෙනෙකු ඇති අතර,මෙම සිදුවීම සිදුවන මොහොතේ නිවසේ සිට ඇත්තේ කුඩා පිරිමි දරුවා පමණයි.

අනෙක් දරුවන් දෙදෙනාගෙන් එක අයෙකු අධ්‍යාපන කටයුතු සඳහා නිවසෙන් බැහැරව සිට ඇති අතර අනෙක් දරුවා මියගිය කාන්තාවගේ මවගේ නිවසේ සිට තිබෙනවා.

මෙම කාන්තාව රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයක් පැමිණි අතර ඇය මියගොස් ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් දේහය රැගෙන යාමකින් තොරවඑම ගිලන් රථය පිටත්ව ගොස් තිබූ බව සඳහන්.

මෙම හදිසි මරණ සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය, කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06