ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළ දී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා අතර පැවති හමුවකදී යි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.
ඒ අතර මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54 ක් වන බවත්, විශේෂයෙන් පිළිකා හා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ඖෂධ ආධාර තොගයට අමතරව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි මහ කොමසාරිස්වරයා එහි දී ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානයන් සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාටත්, බංග්ලාදේශ රජයටත් විශේෂ ස්තුතිය පිරිනමන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා රජය හා බංග්ලාදේශ රජය අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගු කාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී වැඩි දුරටත් සාකච්ඡා වී තිබෙනවා.














SPC,SPMC,NRMA,NDDCB, HEALTH MINISTRY, GOVT MEWA PAHUGIYA AWURUDU 75 MA THIBUNA EWA. MUNTA ME RATEYI MINISSUNTA ONA MEDICINE TIKA HADA GANNA BERI UNA NOWEYI WADI GAGAN DALA WAGEMA EHEN COMIS GAHALA BALA MEDICINE GENWANAWA. PERANI JADA WEDA ALUTH AMATHIYA ALUTH JADAYO SET EKAK DALA KARAGENA YANAWA.A