ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන්නේ අවංක චේතනාවෙන් – චීනයේ, ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය උදෙසා අවංකවම කටයුතු කිරීමට චීන රජය නිරතුරුවම සූදානම් බව චීනයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති යැන්වෙයි සූ පවසනවා.

මහනුවර දී මල්වතු අස්ගිරි නාහිමිවරුන් ඊයේ (01) පස්වරුවේ මුණගැසුණු අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.

නියෝජ්‍ය තානාපතිවරයා පළමුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ
ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව ඔහු මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේලා බැහැ දුටුවා.

මෙහිදී නාහිමිවරු හමුවේ අදහස් දක්වමින් චීනයේ මෙරට නියෝජ්‍ය තානාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව හා චීනය අතර වසර 2000 කට අධික ඉපැරණි සම්බන්ධතාවයක් පවතින බවයි.

චීනයේ කෝටි දහයකට අධික බෞද්ධ ජනතාවක් සිටින බවත් ශ්‍රී ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයකට අවශ්‍ය සහයෝගය ලබාදීමට නිරතුරුවම සූදානමින් සිටින බව ද සඳහන් කර සිටියා.

දෙරට අතර බෞද්ධ ආගම හා බැඳුණු දීර්ඝ මිතු දහම තවත් ශක්තිමත් කරගැනීමට මහා නායක හිමියන්ගේ අනුශාසනා බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය තානාපතිවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වූ සෑම අවස්ථාවකම චීනය ඉදිරිපත්ව ගැටළු විසඳාගැනීම සඳහා සහයෝගය ලබාදීම ඉතාමත් අගය කරන බවත්, එම සහයෝගය අනාගතයේදී ද අපේක්ෂා කරන බව ද මෙහිදී නාහිමිවරුන් දේපල නියෝජ්‍ය තානාපතිවරයා වෙත සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23