15 හැවිරිදි දැරිය පැහැර ගැනීමේ සිද්ධියට අදාළ ව ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

15 හැවිරිදි දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරු ව, අද අලුයම දී අත් අඩංගුවට ගත් සැකකරුව ලබන මස 07 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු නමින් ‘ ශාරුක්’ නම් අයෙකු වන බවත්, ඔහු විසින් දැරියට සහ දැරිය ව පැහැරගෙන ආ තරුණයාට රැකවරණය සලසා ඇති ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ඥාති සැකකරු එම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු බවටත් අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

සැකකරුව අද අලුයම කටුකෙලියාවේ දී පොලිස් අත් අඩංගුවට පත් වුණු අතර, ඉන් අනතුරුව ඔහුව අද පෙරවරුවේ කහගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඉන් අනතුරුවයි එම සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ.

පෙරේදා රාත්‍රියේ දී 27 හැවිරිදි තරුණයෙකු පැමිණ මෙම බාලවයස්කාර දියණිය ව නිවසට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බවටයි ඇයගේ මාපියන් විසින් දිවුල්වැව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් ව ඇත්තේ.

කෙසේවෙතත් මෙම ශාරුක් නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගැනුණ ද, දැරිය හෝ දැරියව පැහැරගත්තා යැයි පැවසෙන 27 හැවිරිදි තරුණයා මෙතෙක් හමු වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21