සිය දෙමව්පියන්ට නොදන්නවා සිය නිවෙස්වලින් බැහැර ව දින තුනක් තිස්සේ එකම කාමරයක ගත කරමින් සිටි 15 හැවිරිදි දැරියක් සහ 18 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලනිය ප්රදේශයේ සහ පානදුර මෝදරවිල ප්රදේශයේ ගැහැනු දරුවන් දෙදෙනෙක්.
පාසල් යන තම දියණිය නිවසින් අතුරුදන්ව ඇති බවට එම දැරියගේ මවුපියන් විසින් මිල්ලනිය පොලිසියට පැමිණිලි කර තිබූ අතර; මෝදරවිල ප්රදේශයේ පදිංචි මවුපියන් විසින් ද සිය දියණිය ද අතුරුදන්ව ඇති බවට පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා.
අතුරුදන් වූ ගැහැනු දරුවන් දෙදෙනා ඊයේ (30) සිය නිවෙස්වලට පැමිණීමෙන් අනතුරුව පොලිසියට කැඳවා සිදු කළ ප්රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ; දෙදෙනාම අනුරාධපුරයට ගොස් එකම කාමරයක් ගෙන එහි නැවතී සිටි බවට ප්රකාශ කළ බවයි.
සමාජ සම්මතයට පටහැනි අසම්මත බැඳීම් ඇති කරගෙන තම වටිනා ජීවිත විනාශ කර නොගන්නා ලෙස තරයේ අවවාද කිරීමට පානදුර දකුණු මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එන්. ඩි. උපුල් ප්රියංකර අදාළ තරුණ වයසේ පසුවන දරුවන් හට අවවාද කර තිබෙනවා.
සැකකාර ගැහැනු දරුවන් දෙදෙනා පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




