ඌරු මස් වෙනුවට දෙන්න රැගෙන ගිය බළලුන් 1000ක් බේරා ගනී

ඌරු මස් හෝ එළු මස් ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ බළලුන් 1000කට වැඩි ප්‍රමාණයක් චීනයේ පොලිසිය විසින් බේරාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

සත්ව සුභසාධන ක්‍රියාකාරීන්ගෙන් ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය නැගෙනහිර Zhangjiagang නගරයේ දීයි බළලුන් රැගෙන යමින් තිබූ ට්‍රක් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බේරා ගනු ලැබූ බළලුන් ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි සඳහන්.

මෙම සතුන් බේරා ගැනීමත් සමග නීතිවිරෝධී බළල් මස් වෙළඳාමක් අනාවරණය වූ අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුකාරී තත්වයක් ද මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

බළලුන්ගේ මස් ග්‍රෑම් 600ක් සඳහා යුවාන් 4.5ක් ($0.61; £0.51) ලබා ගත හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

චීනයේ ආරක්ෂක අංශ විසින් මෙලෙස බේරාගත් බළලුන් අයාලේ ගිය සතුන් ද එසේ නැතහොත් සුරතල් සතුන් ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

මෙම සතුන් රටේ දකුණු ප්‍රදේශයට රැගෙන යමින් තිබී ඇති අතර එහිදී ඔවුන් ඌරු මස් සහ බැටළු මස් කටු මෙන්ම සොසේජස් ලෙස පාරිභෝගිකයන්ට ලබාදීමට සැලසුම් කර තිබූ බවට හෙළිවී තිබෙනවා.

චීනයේ මාධ්‍ය වාර්තා කළේ Zhangjiagang ප්‍රදේශයේ සත්ව සුභසාධන ක්‍රියාකාරීන් සුසාන භූමියක් තුළ ඇණ ගැසූ ලී පෙට්ටිවල බළලුන් විශාල සංඛ්‍යාවක් රඳවාගෙන සිටිනු දැක එය දින 6ක් පමණ නිරීක්ෂණය කර තිබුණා.

ඔක්තෝබර් 12 වන දින බළලුන් ට්‍රක් රථයකට පටවන අවස්ථාවේදී යි ඔවුන් වාහනය නතර කර පොලිසියට දැනුම්දී ඇත්තේ.

ඊයේ චීනයේ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තොරතුර සම්බන්ධයෙන් චීනයේ සමාජ මාධ්‍ය තුල දැඩි විවේචනාත්මක අදහස් පලවී තිබෙනවා.

ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් ආහාර කර්මාන්තය දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවටයි ඉල්ලා ඇත්තේ.

ඇතැම් පුද්ගලයන් මෙම තත්වය හමුවේ තවදුරටත් පිටතින් බාබකියු මස් නොකන බවට ද ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

ජූනි මාසයේදී, ජියැන්ග්සි පළාතේ විද්‍යාලයක ශිෂ්‍යයෙකු තම ආහාර වේලෙහි තිබී මීයෙකුගේ හිසක් සොයා ගනු ලැබූ අතර එමගින් දැඩි කැළඹීමක් ද මතු වුණා.

පාසල් බලධාරීන් මුලින් උත්සාහ කර තිබුණේ සිසුවා නිවැරදි බව පිළිගැනීමට පෙර එය තාරා මස් බව පැවසීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14