හමාස් ප්‍රහාරවල දී ජීවිතක්ෂයට පත් අනුලා ජයතිලකගේ දේහය දිවයිනට (ඡායාරූප)

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික සේවිකා අනුලා ජයතිලකගේ දේහය මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (28) පෙරවරුවේ ඇයගේ දේහය මෙලෙස දිවයිනට රැගෙන ආ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

49 හැවිරිදි අනුලා ජයතිලකගේ දේහය අද උදෑසන 09.30ට ඩුබායි සිටෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඇවිත් තිබුණා.

ඇයගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටි අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන්.

ඊශ්‍රායලයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටිය දී පසුගිය 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ලක්ව අනුලා ජයතිලක රත්නායක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට වුණා.

මේ අතර මෙම මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, එහි අවසන් කටයුතු සිදුකිරීමට මෙන්ම මෙවැනි විපත් අවස්ථාවල දී පරිහරණය කිරීම සදහා ඊශ්‍රායලයේ විශේෂ අරමුදලක් ඇති අතර, එයින් මුදල් ප්‍රමාණයක් ද මැය වෙනුවෙන් එම පවුලට ලබාදීමට පියවර ගන්නා බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03