පිටකොටුවේ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් – 6 දෙනෙකුට බරපතළයි (වීඩියෝ)

Update:- පිටකොටුවේ විශාල ප්‍රමාණයේ රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණු සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, ඉන් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

——————————————————————————————–

පිටකොටුවේ විශාල ප්‍රමාණයේ රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද පෙරවරුවේ දී මෙම ගිනි ගැනීමට ලක් ව ඇත්තේ පිටකොටුවේ දෙවැනි හරස් මාර්ගයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක්.

ගින්නෙන් එම රෙදිපිළි අලෙවි සැල මුළුමනින් ම විනාශ වී ඇති බවත් වාර්තා වනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් ගිනි නිවීමේ රථ 02ක් ද යොදාගෙන තිබෙනවා.

මෙම හදිසි අනතුරින් පිළිස්සුම් සහ ශ්වසන අපහසුතා සිදු වූ පුද්ගලයින් 15 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14