බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඇති දියඇලි නැරඹීමේ දී සැලකිළිමත්ව කටයුතුකරන ලෙස බදුල්ල දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය දේශීය හා විදේශීය සංචාරකයින්ට දැනුම් දෙනවා.
එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රාවණා ඇල්ල, දුන්හිද ඇල්ල, දියලුම ඇල්ල යන දියඇලිවල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීම් පසුගිය දිනවල දී වාර්තා වූ බවයි.
මේ අතර අද (22) රාත්‍රි කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ, අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
1
+1
1
+1
+1














