AFC Banner
Empty Ad
Empty Ad

පුනරුත්තාපනය වී පැමිණි සැකකරු අධිවේගයේ විදුලි කම්බි කපද්දී අල්ලයි

පුනරුත්ථාපනය වී මීට දින කිහිපයකට පෙර නිදහස් වූ පුද්ගලයෙකු අධිවේගී මාර්ගයේ විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කපන ලද කම්බි කිලෝ 60ක් ද සමගින්.

කඩවත කෙලවරපිටිය අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20.5 ප්‍රදේශයේ ගුවන් පාලම් යට සිට ඉදිකරමින් පවතින කුරුණෑගල අධිවේගී මාර්ග පිවිසුමට යොදා තිබෙන විදුලි කණුවක් අසළ කුඩා කාමරය කඩා භූගතව ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි පුද්ගලයන් කීප දෙනකු පැමිණ කපන බවට අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

එම ස්ථානය වැටලීම සමගම එහි සිටි පුද්ගලයන් පලාගිය අතර පොලිසිය සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු කාණුවක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සඳහන්.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් මේ සඳහා පැමිණි බවට අනාවරණ වී ඇති අතර කපන ලද කිලෝ 60ක පමණ බරින් යුත් තඹ සහ ඇලුමිනියම් කම්බි තොගයක් අසල කැලෑවක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ඒ වන විටත් එම තඹ කම්බි කිලෝ 35ක පමණ ප්‍රමාණයක රබර් කොටස් ඉවත් කර ශුද්ධ පවිත්‍ර කර තිබු බව සඳහන්.

වත්තල ප්‍රදේශයේ පදිංචි සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අලූයම 1ට පමණ මෙම සොරකම සඳහා පැමිණ විදුලි කණුව යට තිබෙන කාමරය කඩා ඊට සමාන්තරව අඩි 50 ක් පමණ ඈතින් වළක් හාරා භූගතව දිවෙන වයර් කපා පිටතට ගන්නා බවට හෙළි කර තිබෙනවා.

පොලිස් භාරයට ගත් කම්බිවල වටිනාකම මෙතක් තක්සේරු කර නැහැ.

තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින 29 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති පුත්තලම හොල්ලපු සම්පූර්ණ කතාව මෙන්න
Video thumbnail
අනුර රට යන්නේ නෑ - රැස්වීම් කර කර ඇවිදිනවා - DV චානකට නහුතෙට තදවෙයි
06:49
Video thumbnail
පට්ට ගැම්මෙන් ජනපති සහෝදරයා පුත්තලමට එයි
03:02
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නොමැති බව රොෂාන් රනසිංහ අවිවාදයෙන් පිළිගනී #dilithjayaweera
02:34
Video thumbnail
සර්ව ජනයේ වැඩපිළිවෙලක් නෑ #short #viralshorts #dilithjayaweera #1millionviews
00:16
Video thumbnail
දිලිත් ජයවීර විපක්ෂ නායක කරන්න ජනතාව සූධානම්#dilithjayaweera
05:41

?