AFC Banner
AFC Banner
Empty Ad

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් සුන්බුන් අතර සිරව සිටි අයි. ප්‍රේමලතා නම් 65 හැවිරිදි මෙම කාන්තාව මියගොස් ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යංශය තහවුරු කර ඇත්තේ.

ඇය මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පසුගිය අඟහරුවාදා (17) ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සුන්බුන් යට සිරවී සිටි කිහිප දෙනෙකු අතර ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බව බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණා.

ලෙබනනයේ මන්සූරි හි තට්ටු පහක ගොඩනැගිල්ල ඔක්තෝබර් 16 වන දින කඩා වැටුණු අතර එහි ඉතිරිව ඇත්තේ තට්ටු තුනක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?