AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – බංගලි ගැටුමේ කාසියේ වාසිය බංගලියන්ට

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය සහ බංග්ලාදේශ අතර තරගය තව සුළු වේලාවකින් පූනේ හිදී ආරම්භ වනවා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශ වැඩබලන නායක නජ්මුල් හොසේන් සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ඉන්දියාව සහ බංග්ලාදේශය අවස්ථා 04ක දී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග තුනක ජය ඉන්දියාවට හිමිව තිබෙනවා.

බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

අද තරගය සඳහා බංග්ලාදේශ නිත්‍ය නායක ෂකිබ් අල් හසන් ක්‍රීඩා නොකරන බව වාර්තා වන අතර ඔහු වෙනුවට නසුම් අහමඩ් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?