ඉන්දියාවෙන් තවත් දැවැන්ත මෙහෙයුමක්

2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීමට අපේක්ෂා කරන බව ඉන්දීය රජය පවසනවා.

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉන්දීය ඉලක්කවලට අනුව 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද ඇතුළත්.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා මෙම අභිලාෂයන් ප්‍රකාශයට පත් කළ අතර, සිකුරු සහ අඟහරු වෙත මෙහෙයුම් ආරම්භ සඳහා ද කටයුතු කරන ලෙසටයි ඔහු විද්‍යාඥයන්ගෙන් ඉල්ලා සිටියේ.

පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත් වූ අතර සැප්තැම්බර් මාසයේදී ඔවුන් සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා ද යානයක් පිටත් කර යවනු ලැබුවා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) ගගන්යාන් ව්‍යාපෘතියේ ද කටයුතු කරමින් සිටින අතර, මිනිස් කාර්ය මණ්ඩලයක් කිලෝමීටර් 400ක (සැතපුම් 248) කක්ෂයකට යවා ඔවුන් ආරක්ෂිතව ඉන්දීය මුහුදට ගොඩබෑමටයි අරමුණු කරගෙන ඇත්තේ. ඒ වෙනුවෙන් ලබන සෙනසුරාදා, අභ්‍යවකාශ ඒජන්සිය මෙහෙයුමේ ප්‍රධාන පරීක්ෂණයක් ද පවත්වනු ඇති.

2024 අවසානයට පෙර අවසන් මිනිසුන් සහිත මෙහෙයුම ,ආරම්භ කිරීමට පෙර රොබෝවක් රැගෙන අභ්‍යවකාශයට තවත් පරීක්ෂණ ගුවන් ගමනක් සිදු කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34