හඬපට එහෙම දෙන්න බෑ – කථානායක

පාර්ලිමේන්තු කාරක සභාවක දී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬපටය නිකුත් කිරීමට කථානායකවරයා බැඳී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (17) පාර්ලිමේන්තුවේ දී නැඟූ වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක් වූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තමාට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අදාළ හඬපටය අවශ්‍ය බවයි.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬපට පිටට ලබාදිය නොහැකි බව ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවා.

මේ අතර තමන්ට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන්ව විනාශ කරපු අය දැන් ගොවියන්ව පාවිච්චි කරලා බලයට එන්න හදනවා
05:41
Video thumbnail
අල්ලස් ගත්ත සාජන්ට වැඩ වැරදුණු හැටි - කිසි සමාවක් නෑ දැඩි නීතිය ක්‍රියාත්මක කරනවා
03:14
Video thumbnail
අධිකරණ ඇමතිතුමා විහිළු කරනවා - නීතිඥවරුන්ව හෑල්ලුවලට ලක් කරනවා
09:02
Video thumbnail
අස්සවල් මුල්ලවල්වල පොලිසිය යතුරුපැදි ගහගෙන ඉන්න ඕනි නෑනේ - කාටවත් අල්ලස් දෙන්න එපා
02:31
Video thumbnail
ජනපති කිව්ව අවදානම ගැන නීතිඥ සංගමයේ සභාපතිගෙන් සැර කතාවක් - අධිකරණයේ ස්වාධීනත්වය උතුම් ආගමක්
02:49
Video thumbnail
ආණ්ඩුව එක්ක අපිට සටනක් නෑ..සටන්කාමී ලෙස අපි විරුද්ධ වෙනවා - ඉදිරි අනාගතයට කළු පැල්ලමක් මේක
06:16
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13