2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල එන දවස ප්‍රකාශයට පත් කෙරේ

2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

විභාග කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ පැවැත්වූ සා/පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන නොවැම්බරයේ දී නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ දිනවල අදාළ ප්‍රතිඵල පරිගණකගත කෙරෙමින් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

2021(2022) ට නියමිත සා/පෙළ විභාගය පැවැත්වීම දින නියමයක් නොමැති ව මෙන් ම, විවිධ අර්බුද මත කල් ගියා.

රටේ පැවති දැඩි දේශපාලන ව්‍යාකූලත්වය, ආර්ථික අර්බුදය සහ ගුරුවරුන් – විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණ ක්‍රියාපටිපාටිය සහ උත්තර පත්‍ර බැලීම උසස් පෙළ විභාගයේ පවා කල් යාම මතයි සා/පෙළ විභාගය වරින්වර බාලගිරි දෝසයට ලක් වූයේ.

කෙසේවෙතත් අවසානයේ දී එම විභාගය මෙම වසරේ මැයි මස 22 වැනි දින සිට ජුනි මස 01 වැනි දින තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණා.

ඊයේ දිනය වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල පළ ව තිබුණේ සා/පෙළ ප්‍රතිඵල එළඹෙන 19 වැනි දින නිකුත් කෙරෙන බවයි.

නමුත් එම තොරතුර සාවද්‍ය බවටයි වාර්තා වන්නේ.

2022 වසරට අදාළ ව සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබුණා.

ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්.

ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන් බවයි වාර්තා වුණේ.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844ක දී මෙම විභාගය පැවැත්වුණු අතර විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත් කර තිබුණා.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද මෙවර සා/පෙළ විභාගයට ඉදිරිපත් වුණා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්නපත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලයින්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46