අගමැති නෙතන්යාහු දුක බෙදාගන්න යයි

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු අතුරුදන්ව සිටින සහ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයින් මුණගැසීමට එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කටයුතු කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා එම ඥාතීන් මුණගැසෙන ඡායාරූප එක්ස් හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ පළ කර ඇති අතර, එහිදී ඔහු ඔවුන්ව සනසන ආකාරය දැකගත හැකියි.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (15) පස්වරුවේ මෙම ඥාතීන් පිරිස හමුවී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

හමාස් පාලනය යටතේ පවතින උතුරු ගාසා තීරයෙන් මේ වනවිටත් විශාල පලස්තීනුවන් පිරිසක් ඉවත්ව දකුණු ගාසා තීරයට මේ වනවිටත් ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර ඊශ්‍රායලය “ගාසා තීරය විනාශ කිරීමට” සූදානම්වන බව, පලස්තීන ප්‍රදේශය සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ලින් හේස්ටිංස් අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර පසුගිය 07 වනදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පසු සිදුව ඇති විනාශය පෙන්නුම් කරන චන්ද්‍රිකා ඡායාරූපයක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව, එක්ස් හෙවත් ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති ආකාරය දැකගත හැකි වුණා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?