ජනතාව අපහසුතාවට පත්කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දඬුවම් තදවෙයි

ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ, අනුව පොලිස් ස්ථානවලට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛන සහ උපදෙස් පරිදි කටයුතු නොකළ පොලිස් නිලධාරීන් නවදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම ඒකකය සඳහන් කළේ.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයක දී එම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව ජනතා පැමිණිලි සම්බන්ධයෙන් මූලස්ථාන චක්‍රලේඛණ සහ උපදෙස් පරිදි කටයුතු නොකිරීමේ සිදුවීම් 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අතරින් සිදුවීම් 13 කට අදාළ චෝදනා සනාථ වීමත් සමඟ අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට චෝදනා පත්‍ර ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවවාද පත්‍රිකා ලබා දී ඇති නිලධාරීන් සංඛ්‍යාව 19ක් බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
7
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32