තරුණියට පහරදුන් යුවළට ඇප

සේවා ස්ථානයක් තුළ දී තරුණියකට අමානුෂික ලෙස පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් යුවළ ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර යුවළ තරුණියට පහර දෙන ආකාරය සාමාජ මාධ්‍යවල පළවු අතර, ඒ ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කදාන ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ බෙදා හැරීමේ නිරත පුද්ගලික ආයතනයක හිමිකරු හා ඔහුගේ බිරිඳ බව ද සඳහන්.

මෙම සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළගම ඥාතියෙක් ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් විසින් ආනියාකන්ද ප්‍රදේශයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම සැකකාර ඥාතියාගේ නිවසේ නතරවී සිට එම ආයතනයේ සේවය කර තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය එම තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ එය පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.

එහෙත් පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය මෙන්ම රූපවාහිනී ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පැමිණිලි කිරීමට තීරණය කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
2
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26